Saturday, September 12, 2009

පුරසාරමි කතා




ඔන්න ළම‍යිනේ, ඒ දවස්වල මා ළග තිබුණා හොද සයිකලයක්.බයිසික‍ෙල් පිටිපස්සෙ හොද ලැගේජ් එකකුත් තියෙනවා.

ඉතින් ළමයිනේ මම දවසක් බයිසිකලෙත් අරගෙන දඩය‍ෙම් ගියා.ගිහින් එන‍ෙකාට හරි වැඩක්නෙ වුණෙ.බයිසිලේ ඉස්සරහ රෝදෙ ටයර් එක පිපුරුවා.
දැන් මොකද කරන්‍ නෙ?මේ කැලේ කොයින්ද කමිමල්?
මං දහඅතේ කල්පනා කර කර හිටියා.එතකොටම මා ළගට
ආවෙ නැද්ද නයෙක්.මට හොද අදහසක් ආවා.නයාව අරගෙන රෝදෙ වටේ රෝල් කරලා උගෙ වලිගෙ අරගෙන කටෙ එබුවා.දැන් නයා ටයර් එක වටේට එතිලා.මම ඊට පස්සෙ සයිකලේ පැදගෙන ආවා....


ඊට පස්සෙ ලොකු පල්ලමක්.අලියෙක් පාර මැද්දෙ
හිටගෙන ඉන්නවා.බයිසිකලයේ බ්‍රෙක් නෑ.හැබැයි ළමයිනේ හොද වෙලාවට අලියා හිටියෙ පාර මැද්දෙ
පිටිපස්ස හැරිලා.මට කරන්න කිසිම දෙයක් නෑ.අලිය ගෙ
බඩ මැද්දෙන් සයිකලේ දැමිමා.කිසිම කරදරයක් නෑ.


ඔහොම ගිහින් පල්ලම ඉවරවෙලා කන්ද ආවා.හැබැයි පැද්දට පැද්දට ඉවරයක් නෑ.පිටිපස්සේ ලොකු බරක් වගේ
මම පිටිපස්ස හැරිලා බැලුවා.බලනකොට අලියා ලැගේජ් එකේ.බඩයටින් එනකොට ඌ සයිකලේ ඉදගෙන.....